Saturday, March 30, 2013

චන්දි සහ I.P.L

අද මගේ බ්ලොග් අඩවියේ පල කිරිම සදහා මා ‍තෝරා ගත්තේ අද දින(2013/3/30) මුහුනු පොත සැරසූ පුවතකි.එනම් දිනේශ් චන්දිමාල් ගේ අයි.පී.එල් වර්ජ්නය කිරීම පිලිබද පුවතයි.

එය මුහුනු පොතේ වාර්තා කර ඇත්තේ  තමිල්නඩුවට ගැසූ කනේ පාරක් ලෙසය.මා පුද්ගලිකව නම් මේ තත්වය යටතේ අපේ කොල්ලන් අයි.පී.එල් සැරසීමට යාම ගැන දකින්නේ හතුරෙකුගේ මගුල්ගෙදර යාමක් වැනිය.
චන්දි යනු ගමේ උපන් එල කොල්ලෙකි. එහෙයින් ඔහුට ලාංකික හද ගැස්ම හොදින් වැටහේ.තවද අයි.පී.එල් ගොදුරට චන්දි හසු නොවිම පිලිබද මට ඇත්තේ අපමන සතුටකි.මන්ද්යත් අයි.පී.එල් යනු සල්ලි පෙන්නා දක්ෂකම් උදුරා ගැනීමක් වැනි දෙයකි.






චන්දි යනු ඉතාමත් දක්ෂතා ඇති කොල්ළෙකි.එමනිසාම විස්සයි විස්ස නායකත්වයද ඔහුට හිමිවී ඇත.
විස්සයි ව්ස්ස නායකත්වයට ඔහු කෝඩුකාරයෙක් වුවත් ඔහු ලැබූ අත්දැකීම් හමුවේ කෝඩුකාරකම පලා යනු ඇත.චන්දිට මේ අවස්තාවේදී කන්ඩායමේ අනෙක් සාමජිකයින්ගේ සහයෝගය අත්්‍යාවශ්්‍ය  වේ.පොඩි එකගේ කීම ඇසීමට ලොකු එවුන් කැමති නොවන අවස්තා අප සමාජයේ අප කොතකුත් දැක ඇත.මෙහිදී එසේ නොවේවා  යනුවෙන් මම පතමි.



චන්දි නුබට දිගු ගමනක් යෑමට හැකි වේවා...........












9 comments:

  1. මා දන්නා තරමින් නම් චන්දිමාල් අයි. පී. එල් නොයන්නේ ඔහු වෙන්දේසියේදී නොවිකිනී පසුව ආරාධනාවක් පමණක් ලැබුණු නිසාවෙනි. නමුත් ඇත්ත වශයෙන්ම නම් ඔහු අයිපීඑල් වර්ජනය කරන්නේ රට ගැන හැඟීමෙන් නම් අපේ උත්තමාචාරය ඔහුට ලැබේ.

    මම ඔබව මගෙ කමත සිංඩිකේටරයට ඇතුළ් කරගත්තා. මගේ බ්ලොග් රෝලටත් දාන්නම්. දිගටම ලියමින් සිංහල බ්ලොග් ලෝකය වර්ණවත් කරන්න. ජයවේවා.

    වර්ඩ් වැරිෆිකේෂන් ඉවත් කරන්න. එය කොමෙන්ට් කිරීමට බාධාවක්.

    ReplyDelete
    Replies
    1. වර්ඩ් වැරිෆිකේෂන් ඉවත් කරන්න.
      settings -posts and comments -comment moderation -NEVER වශයෙන් දෙන්න.
      show word verification- NO වශයෙන් දෙන්න.

      Delete
    2. ඔබගේ උපකාරයට බොහොම ස්තූතියි.මා බ්ලොග් ලිවීමට කෝඩුකාරයෙකු නිසා ඔබ වැනි පවීනයෙකුගේ සහය ලැබීම ගැන බොහෝ සේ සතුටු වෙමි.ඉදිරියටත් මාගේ අඩුපාඩු පෙන්වා දෙන්න. එය මට විශාල ශක්තියකි.

      Delete
  2. ඔන්න ක්‍රිකට් තමා තේරෙන්නේ නැති භාෂාව.
    අප භාෂාවේ ප්‍රවීණයෝ නොවන බැවින්, අපි අතින් අකුරු වැරැදි අනත්ත සිදුවේ. ඔබත්, පොස්ට් එකක් පල කීරීමට පෙර http://subasa.lk/ වෙත ගොස් එහි අකුරු විනිස පුවරුව භාවිත කර, අක්ෂර සංයෝජන පරික්ෂා කර ගන්න.

    ReplyDelete
    Replies
    1. වැරැදිවට සිතන්න එපා. මමද බ්ලොග් ලිවීමට එක් වූ විට මටද මේ උපදෙස ලැබුණා එක් සහෝදරයෙකුගෙන්.

      Delete
    2. ඔව්.. සමහර අය නම් ක්‍රිකට් වලට ආසාවක් නැහැ.එත් ඉදල හිටලවත් ක්‍රිකට් මැච් එකක් නරබන්න.එතකොට ආසාවක් ඇතිවෙයි.....

      ඔබගේ උපදෙසට බොහොම ස්තූතියි.මා ඉදිරියට එම වරද නිවැරදි කර ගන්නම්...

      Delete
  3. මම සිතන්නේ නැහැ ඔහු IPL වර්ජනය කලේ රට වෙනුවෙන් කියා ඔහු එසේ කල යුතු වන්නේද නැහැ.දේශපාලනයේදී බොහෝ අය උත්සහ කරනුයේ සිදුවන සියලු සිද්ධි තම මතයට වාසි වන ලෙස හරවා ගැනීමටයි... :D
    ජය පතනවා ඔබට....

    ReplyDelete
    Replies
    1. මොරම්බා උත්තමයානනි,
      ඔබගේ මතයේද යම් නිවැරදිතාවයක් තිබේ.
      නමුත් චන්දිට අයි.පී.එල් ආරාදනා 2ක් ම ලැබි ඇතත් ඔහු ඒ සියල්ලම ප්‍රතික්ෂේප කිරීම පිලිබද අපි සතුටු විය යුතුය.මන්දයත් අප ක්‍රීඩකයාගේ තාක්ශණය ඉන්දියාවට සොරා ගැනීමට නොහැකි වූ නිසා...

      ඔබගේ කොමෙන්ටුවට බොහොම ස්තූතියි.......

      Delete
  4. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete