මොනව උනත් සිරා කතාවකින් වැඩේ පටන්ගන්න ඕන කියල හිතුන.ඒ උනාට මොන කතාව එන්ටර් කරනවද කියල හිතාගන්න බැරුවයි මෙච්චර දවසක් හිටියෙ.ඔන්න යන්තම් එකකට හිත කමති කර ගත්ත.කතාව එන්ටර් කරන්න යනකොටම ඔන්න කුකුලෙකුත් ඇඩුව.........(කුක්කු කු.....)

ඒ කියන්නෙ නැකත හොදයි වගේ (කුකුලගෙද ..? මගේද?)මේක ඉතින් අපේ ගමේ වෙච්ච චූට් කතාවක්.....(නම් ගම් නම් ඉතින් මනක්කල්පිතයි)
අපේ ගමේ ඉන්න හැම ඩයල් එකටම වගේ අන්වර්ත නාමයක් තිබුන.(ලිවුම්කරුට තිබෙන අන්වර්ත නාමය මෙතනට ඕන වෙන එකක් නෑ මම හිතන්නෙ.)කාඩ් එකෙන්ම කතාකරල මිනිහෙක්ගෙ ඇත්ත නමවත් මතක නෑ. මේ කතාවෙ කතානායකයගෙ රියල් නේම් එක සුනිල් ,අන්වර්ත නාමය නැතහොත් කාඩ් එක නම් බෝල්ලා.(බෝල්ල හැදුන හැටි මම වෙන දවසක කියල දෙන්නම්කො)ආ..දැන් කතාවත් අමතක උනා......................අහ්...හරි මතක් උනා.........මේ බෝල්ලයි බොල්ලගෙ යලුවෙකුයි දවසක් මල ගෙදරකට ඕන කරන බඩු වගේකුයි දාගෙන ටැක්ටරයක පිටිපස්සෙ නැගල යනවා.ටැක්ටරේ යන හැටි පහල රූපෙන් පෙනේවි.

බෝල්ල ගියේ ටැක්ටරේ අයිනෙම ටික දුරක් යනකොට ටැක්ටරේ පිටිපස්සෙ රෝදෙ ගලකට අහුවුනා.බම්ප් එකේ තරම කිව්වොත් බෝල්ලා උඩින් ගිහින් මහ පාර මැදට වැටුනෙ හරියට ගෙම්බ පොලොවෙ ගැහුව වගේ.(මොනව උනත් පව් බොල්ලා මට නම් දුකේ බෑ).ටැක්ටර් සද්දෙට කිසිදෙයක් ඩයිවරාට මීටර් උනේ නෑ.මිනිහ තමන්ගෙ පඩුවේ ටැක්ටරේ පැදගෙන ගියා.ඒත් බෝල්ලගෙ යලුවනම් මේ සීන් එක හොදටම දැක්ක.
"බෝල්ලා වැටුනා.......බෝල්ලා වැටුනා.....ටැක්ටරේ නවත්තපන්...."
ඔය අස්සෙ ටැක්ටර් ඩයිවරා මෙහෙම කියනව .
"ඔය මාලු කාරයෙක්ගෙන් බෝල්ලෙක් වැටුනම අපිට මොකෝ බන් අපි යමන් යන්න."
පට්ට සීන් එක කියන්නෙ, මිනිහ හිතල තියෙන්නෙ මලු කාරයෙක්ගෙන් මාලුවෙක් වැටිල කියල.ඩයිවරා දන්නෑනෙ අරෑට කියන්නෙ බෝල්ලයි කියල.
මට ඉතින් ඔය සීන් එක මතක් වෙන කොටත් බඩ පැලෙන්න හිනා.(මට පොඩ්ඩක් හිනා වෙන්න දෙන්න........හි..හි...හු..හු..)
මට ඉතින් ඔය සීන් එක මතක් වෙන කොටත් බඩ පැලෙන්න හිනා.(මට පොඩ්ඩක් හිනා වෙන්න දෙන්න........හි..හි...හු..හු..)
ආ.....ඒක නෙවෙයි සීන් එකේ හොදම හරිය අහගන්නකෝ.
දැන් ඊට පස්සෙ ඔලුව පලා ගත්ත බෝල්ලව හොස්පිටල් ඇඩ්මිට් කරන්නත් ඕනනේ.බෝල්ලගෙ යලුවම ඒ වැඩේටත් බැස්සා.
ඉස්පිරිතාලෙට ගිය ගමන්ම නර්ස් අහන්නෙ රෝගියගෙ නම මොකක්ද කියලනෙ
එවිට බෝල්ලාගේ යලුවා මෙසේ පිලිතුරු දුන්නේය.
"රෝගියගේ නමද නර්ස්......නම මේ.....බෝල්ලා.."
නර්ස්ගෙන් පිටවෙච්ච වදන් මිහිරි වැඩි නිසාම මට ලියන්න අපහසුයි.මොකද මේක 18 ට අඩු අයත් බලනවනෙ..........

නියමයි. වැඩේ පටන් ගත්තු ගමන් අතෑරලා දැම්මෙ නෑ නේද?
ReplyDeleteදිගටම ලියන්න. ජයවේවා.
බොහොම ස්තුතියි...
Deleteමේක තමයි මට ලැබුන මුල්ම කමෙන්ටුව.